දේශීය

ශ්‍රී ලංකාවේ ක්‍රියාකලාපය ගැන රුසියාවෙන් ප්‍රතිචාර

ජාත්‍යන්තරය තුළ ඇතිවන ඇතැම් ගැටලුකාරී අවස්ථාවන්වලදී ශ්‍රී ලංකාව අනුගමනය කරනු ලබන මැදිහත් පිළිවෙත රුසියානු රජය ඉහළින් අගය කරන බව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් ජගර්යාන් මහතා පවසයි.

 

කොළඹ පැවැති උත්සවයකට එක්වෙමින් තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, බටහිර රටවල් විසින් ශ්‍රී ලංකාව ඇතුළු ඇතැම් රටවල අභ්‍යන්තර ගැටලු වෙත සිදුකරන බලපෑම වහා නතර කළ යුතු බවය.

 

මෙරට රුසියානු තානාපති කාර්යාල විසින් සංවිධාන කරනු ලැබු ජාත්‍යන්තර සංස්කෘතිකාංග හා ආහාර ප්‍රදර්ශනයක් ඊයේ (23) කොළඹ ගාලු මුවදොර හෝටල් පරිශ්‍රයේදී පැවැත්වුණි.

 

මෙම ප්‍රදර්ශනය සඳහා මෙරට රුසියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඉරානය, මැලේසියාව සහ මාලදිවයින යන රටවල තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් එක්වී තිබුණි.

 

එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් ජගර්යාන් මහතා,

 

“අපි ඉතා අගයනවා ජාත්‍යන්තරය තුළ ඇතිවන ඇතැම් ගැටලුකාරි අවස්ථාවන්වලදී ශ්‍රී ලංකාව අනුගමනය කරනු ලබන මැදිහත්භාවයට. ඒ වගේම මානව හිමිකම් කඩකිරීම් වැනි චෝදනා එල්ලවූ අවස්ථාවේදී අපි ඔබ සමග එක්වී සිටියා. ඇතැම් බටහිර රටවල් විසින් අභ්‍යන්තර ප්‍රශ්න සඳහා සිදුකරනු ලැබූ මැදිහත්වීමද අපි දැඩි ලෙස හෙළා දුටුවා. ශ්‍රී ලංකාව වැනි නිදහස් රාජ්‍යයන් ඇතුළු ඇතැම් රටවල අභ්‍යන්තර ගැටලු සඳහා මැදිහත්වීම එවැන්නක්. මගේ පණිවිඩය වන්නේ වෙනත් රටවල අභ්‍යන්තර ගැටලු සඳහා මැදිහත් වෙන්න එපා. ඔබ රටවල ඇතිවී ඇති ගැටලු සඳහා අවධානය යොමුකරන්න. නැවතත් මම ප්‍රකාශ කරන්න කැමති එවැන්නක් කිසිවිටක අනුමත කරන්න බැහැ.”

 

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ පළමු ලේකම් මාරියා.එල්.පෝපෝවා මහත්මිය,

 

“අප දෙරට අතර ඇත්තේ දිගු ඉතිහාසයක් ඇති මිත්‍රත්වයක් ඒ නිසා සෑම අවස්ථාවකදී අපි එකිනෙකාට උපකාර කරනවා. එය ඕනෑම අවස්ථාවකදී හා ඕනෑම අර්බුදයකදී පොදු දෙයක්”

Related posts

PUCSL පෙත්සම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කරයි

Mohamed Dilsad

එළඹෙන නත්තල් සමයේ රට වසන්නේ නැහැ

Mohamed Dilsad

යතුරුපැදිය නැවැත්වූ පොලිස් නිලධාරියාට පිහි පහරක්

Mohamed Dilsad

Leave a Comment