විදෙස්

මගීන් 293ක් සමඟ ගුවන් යානයක් අනතුරක

හොංකොං හි මගී ගුවන් යානයක් ගුවන්ගත කිරීමට පෙර සිදුවු අනතුරකින් මගීන් 11දෙනෙකු තුවාල ලබා තිබේ.

 

ගුවන් යානයේ රෝදයක් පුපුරායාමෙන් එම අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

 

ඒ අනුව මගීන් යානයෙන් ඉවතට ගැනීම සඳහා පුර්ව ආරක්ෂක ක්‍රම අනුගමනය කිරීමේ දී සිදුවු අනතුරෙන් එම මගීන් තුවාල ලබා තිබේ.

 

තුවාල ලැබුවන්ගෙන් 09දෙනෙකු ප්‍රතිකාර ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර ප්‍රතිකාර ලබන කිසිවෙකුගේ තත්ත්වය බරපතළ නොවන බව සඳහන් වේ.

 

හොංකොං සිට ලොස් ඇන්ජලීස් බලා පියාසර කිරීමට නියමිතව තිබු මෙම ගුවන් යානයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 17දෙනෙකු සහ මගීන් 293දෙනෙකු සිට ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.

 

 

Related posts

ජෝ බයිඩ්න්ගෙන් ඓතිහාසික තීන්දුවක්

Mohamed Dilsad

ට්විටර් වෙත අභියෝගය කරන මෙටා

Mohamed Dilsad

ඇන්ජලා මර්කල් ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment