දේශීය

30 වෙනිදා ගැන තවත් විශේෂ දැනුම්දීමක්

ජුනි මස 30 වනදා රජය විසින් විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස නිවේදනය කර ඇති බැවින් එදින කොළඹ කොටස් වෙළෙඳපොළ ද නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

 

මීට පෙර රජය විසින් එළැඹෙන සිකුරාදා දිනය විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළේය.

 

මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මහ බැංකු අධිපතිවරයා පවසා සිටියේ, දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්පුර්ණයෙන් අවසන් කිරීම සඳහා අවශ්‍ය කාලය ලබාගැනීමට ජූනි 30 වනදා බැංකු නිවාඩු දිනයක් බවට පත්කළ බවය.

 

ඒ අනුව රජය සහ මුදල් අමාත්‍යාංශය එක්ව මේ මස 30 වන දින බැංකු නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළ බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

 

 

Related posts

අගමැති සහ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායකයන් අතර හමුවක්

Mohamed Dilsad

දුම්රිය මගීන්ට අද සිට සහන මිලට එළවළු මල්ලක්

Mohamed Dilsad

ක්‍රිකට් අතුරු කමිටුව ක්‍රියාත්මක වීම වළක්වාලමින් තහනම් නියෝගයක්

Mohamed Dilsad

Leave a Comment