දේශීය

විදුලි ගාස්තු සංශෝධනය ගැන මහජන අදහස් විමසයි

යෝජිත විදුලි ගාස්තු සං‍‍ශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් ලබාගැනීම සඳහා විශේෂ මහජන උපදේශන සැසියක් අද (27) පැවැත්වීමට නියමිතව තිබේ.

 

ඒ අනුව අද පෙරවරු 09 සිට මධහ්න 12 දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී එම මහජන උපදේශන සැසිය පැවැත්වීමට නියමිත බව මහජන උපයෝගීතා කොමිසම් සභාව සඳහන් කළේය.

 

එළඹෙන ජූලි පළමුවනදා සිට ක්‍රියාත්මක කිරීමට යෝජනා කර ඇති විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් එහිදී මහජනතාවට අදහස් ඉදිරිපත් කිරීමට හැකියාව පවතී.

 

වෘත්තීය සමිති, සිවිල් සංවිධාන සාමාජිකයින් ඇතුළු ඕනෑම අයෙකුට මේ සඳහා අදහස් ලබාදීමට හැකියාව පවතින බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළේය.

Related posts

විදුලි සංදේශ නියාමන කොමිෂමේ අනුමැතිය රහිත ජංගම දුරකථනවලට කරන්න යන දේ

Editor O

මොරටුව සමූපකාරයත් මාලිමාව පරදී

Editor O

දුම්රිය සේවාව කාර්යක්ෂම කිරීමට ජනපතිගේ අවධානය යොමුවෙයි

Mohamed Dilsad

Leave a Comment