දේශීය

සංචරකයින්ගේ පැමිණීම තවත් ඉහළට

පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ගත වු මාස කිහිපය තුළ මෙරටට සංචාරකයින්ගේ පැමිණීම ඉහළ ගොස් තිබේ.

 

ඒ අනුව සංචාරකයින් 608,489 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.

 

මේ මාසය තුළ මෙරටට සංචාරකයින් 84,003 දෙනෙකු පැමිණ තිබේ.

 

ඉන් වැඩි සංඛ්‍යාවක් ඉන්දීය ජාතිකයින් වන අතර එම සංඛ්‍යාව 22,388කි.

 

ඊට අමතරව රුසියාව, බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව, ජර්මානිය, චීනය ඇතුළු රටවලින් සංචාරකයින් එම කාලය තුළ දිවයිනට පැමිණ තිබේ.

 

කෙසේවෙතත් පසුගිය වසර තුළ මෙරටට පැමිණ ඇත්තේ සංචාරකයින් 719,978ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.

Related posts

ජනපතිගෙන් ලංගම ගොඩ නැගීමට යෝජනා මාලාවක්

Mohamed Dilsad

වැලිකඩ රැඳවියන් යළිත් වහළයට නගියි

Mohamed Dilsad

වැසි තත්වයේ වැඩි වීමක්

Mohamed Dilsad

Leave a Comment