දේශීය

දූෂණ විරෝධී පනත් කෙටුම්පතේ විවාදය අද

දූෂණ විරෝධී පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ කල්තැබීමේ විවාදය අද (06) පාර්ලිමේන්තුවේ දී පැවැත්වීමට නියමිතව තිබේ.

 

අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් පසුගියදා එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.

 

ඒ අනුව පසුගිය ජුනි මස 21 වන දින දූෂණ විරෝධී පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පළමු වරට පැවැත්වුණි.

 

ඊට සංශෝධන ඉදිරිපත් කිරීමට විපක්ෂ කල් ඉල්ලීමත් සමග අද දිනයේ යළිත් දූෂණ විරෝධී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් විවාදය පැවැත්වීමට නියමිත අතර විවාදයෙන් අනතුරුව පනත් කෙටුම්පත සම්මත කරගැනීමට නියමිත බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කළේය.

 

මේ අතර දූෂණ විරෝධී පනත් කෙටුම්පත සඳහා විපක්ෂය ඉදිරිපත් කළ සංශෝධන රැසකට සාධාරණ හා නීතිගරුක සමාජය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී එකඟතාවය පළ වු බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසයි.

 

ඒ අනුව අදාළ පනත් කෙටුම්පත සඳහා සහාය දැක්වීමට විපක්ෂය තීරණය කර ඇති බව චන්දිම වීරක්කොඩි මන්ත්‍රිවරයා සඳහන් කළේය.

 

කෙසේවෙතත් අදාළ පනත සම්බන්ධයෙන් සිය පක්ෂය ඉදිරිපත් කර ඇති සංශෝධන රජය පිළිගන්නේ නම් ඊට සහාය දැක්වීම සම්බන්ධයෙන් සලකා බලන බව සමගි ජනබලවේගය පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසුවේය.

 

මේ අතර අද රජයේ මුදල් පිළිබඳ කාරක සභාව, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව, පොදු ව්‍යාපාර පිළිඳ කාරක සභාව, ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභා රැස්වීම් ද පාර්ලිමේන්තුවේ දී පැවැත්වීමට නියමිතව තිබේ.

 

 

Related posts

අතුරලියේ රතන හිමියෝ කොතනද …? මෙන්න විස්තරේ

Editor O

අයහපත් කාලගුණය හේතුවෙන් දුම්රිය ධාවනය සීමා කෙරේ

Mohamed Dilsad

පළාත් අතර දැඩි රැකවල්

Mohamed Dilsad

Leave a Comment