දේශීය

ඉන්දීය ජාතික ප්‍රධාන අරක්කැමියාව ඝාතනය කෙරේ

කොළඹ කොටුව, ගාලු මුවදොර අවන්හලක ඉන්දීය ජාතික කළමනාකරුවෙකු විසින් ඉන්දීය ජාතික ප්‍රධාන අරක්කැමියාව ඝාතනය කර ඇතැයි කොටුව පොලීසිය පවසයි.

 

ඊයේ (05) රාත්‍රියේ පිහියකින් ඇන එම ඝාතනය සිදුකර තිබුණි.

 

සිද්ධියෙන් ඝාතනයට ලක්වී ඇත්තේ අජේ කුමාර් නමැති 29 හැවිරිදි පුද්ගලයෙකි.

 

සැකකාර කළමනාකරු ඝාතනයට යොදාගත් පිහියත් සමග පොලිස් භාරයට ගෙන ඇත.

 

සැකකරු සහ මියගිය පුද්ගලයා අතර පෙරේදා රාත්‍රියේ අවන්හල තුළ බහින්බස්වීමක් ඇතිවී තිබෙන අතර එය ගැටුමක් දක්වා දුරදිග යාමෙන් අනතුරුව මෙම ඝාතනය සිදුවී ඇති බව වාර්තා වෙයි.

Related posts

බොරැ⁣ල්ලේ පිහිටි රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ ගින්නක්

Mohamed Dilsad

පර්පෙචුවෙල් ට්‍රෙෂරිස් සමාගමේ ව්‍යාපාර කටයුතු අත්හිටුවීම දීර්ඝ කෙරේ

Mohamed Dilsad

මැතිවරණ කොමිසමෙන් විශේෂ ගැසට් නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment