දේශීය

පොලී අනුපාත ගැන ජනපතිගෙන් ඉඟියක්

අපේක්ෂා කරන තත්ත්වය රට තුළ පවත්වාගෙන ගියහොත් මාස කිහිපයක් තුළ පොලී අනුපාත අඩුවෙනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ලංකා වාණිජ මණ්ඩලයේ නිලධාරීන් අතර අද (29) පැවැති හමුවකදී ජනාධිපතිවරයා මේ බව පැවසීය.

 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

 

“මම හිතන්නේ හොඳම දෙය තමයි, ණය ප්‍රතිව්‍යුහගතකරණය ඔබට සහ ශ්‍රම බලකායට වැදගත් වන ආකාරය ඔවුන්ට පැහැදිලි කිරීම. මට හිතෙන්නේ එය ඔබට කළ හැකි දෙයක්. මෙම තත්ත්වය තව දින කිහිපයක් පවත්වාගැනීමට ඔබට හැකිවුවොත් එය හොඳම ප්‍රතිඵලයක් ඇති කරගැනීම සඳහා ඉතාමත් උපකාරි වේවි. මේ සමගම අපේ පොලී අනුපාත ද අඩුවේවි. එය මාස කිහිපයක් ඇතුළත සිදුවේවි. දෙවනුව සංවර්ධන සහාය ආරම්භ වේවි. එය ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වර්ධනයටත් රුකුලක්.”

Related posts

පොලිස් නිලධාරීන්ට පහරදීමක්

Mohamed Dilsad

හාල්, පොල්, බෙහෙත් දීගන්න බැරුව, ආණ්ඩුව කෙඳිරි ගානවා – හිටපු ඇමති පාඨලී චම්පික රණවක

Editor O

අනුරාධපුර දිස්ත්‍රික්කයේ සීඝ්‍රයෙන් ව්‍යාප්තවන චර්ම රෝගයක්

Mohamed Dilsad

Leave a Comment