දේශීය

උසස් පෙළ ඉංජිනේරු තාක්ෂණ සිසුන්ට දැනුම්දීමක්

2022 උසස් පෙළ ඉංජිනේරු තාක්ෂණ විෂයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ අද (12) සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

 

එහි නියෝජ්‍ය විභාග කොමසාරිස් ලසික සමරකෝන් මහතා සඳහන් කළේ, මෙම පරීක්ෂණ දිවයින පුරා මධ්‍යස්ථාන 42 කදී ලබන 21 වනදා දක්වා ක්‍රියාත්මක බවය.

 

“2022 උසස් පෙළ ඉංජිනේරු තාක්ෂණ විෂයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ අද දිනයේ ආරම්භ වෙනවා. ඒ වගේම මේ සඳහා අපේක්ෂකයින් 20,084ක් සහභාගි වීමට නියමිතව පවතිනවා. එම අපේක්ෂකයින්ට කරනු ලබන දැනුම්දීම් කිහිපයක් තියෙනවා. ඔබට ලබාදී ඇති ප්‍රායෝගික පරීක්ෂණ ඇගයීම් මධ්‍යස්ථානය වෙත නියමිත වේලාවට වඩා විනාඩි 30 කලින් යන්න. දෙවැනි එක තමා මේ පරීක්ෂණ සම්බන්ධයෙන් යම් ගැටලුවක් පවතින්නේ නම් 1911 දුරකථන අංකය ඔස්සේ අපිව සම්බන්ධ කර ගත හැකියි. ඒ වගේම සියලුම අපේක්ෂකයින් සඳහා මේ වනවිට ප්‍රවේශපත්‍ර යවලා අවසන්. පාසල් අයදුම්කරුවන්ට එම ප්‍රවේශපත්‍රය ඔවුන්ගේ පාසලෙන් ලබාගන්න පුළුවන්. ඒ වගේම පෞද්ගලික අයදුම්කරුවන්ට පෞද්ගලික ලිපිනයට තැපැල් කරලා තියෙනවා. යම් කරුණක් මත ඔබට ප්‍රවේශපත්‍රය නොලැබුණේ නම් අපගේ onlineexam.gov.lk වෙබ් අඩවියෙන් ප්‍රවේශපත්‍රය භාගත කරගත හැකිය.”

 

 

Related posts

අද විදුලි කප්පාදුවක් නැහැ – ලංවිම

Mohamed Dilsad

දේවාලවල වස්තුව කපුවන්ට තහනම්

Mohamed Dilsad

ශ්‍රී ලන්කන් හිටපු විධායක නිලධාරී සහ බිරිඳ CID භාරයට

Mohamed Dilsad

Leave a Comment