දේශීය

සෞඛ්‍ය ඇමතිට එරෙහිව විශ්වාසභංගයක් ?

රටේ සෞඛ්‍ය පද්ධතිය දුර්වල කිරීමට වගකිවයුතු පාර්ශ්ව සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත පැමිණිල්ලක් සිදුකිරීමට සමගි ජනබලවේගය පක්ෂය තීරණය කර තිබේ.

 

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙනඒම කෙරෙහි ද සිය පක්ෂයේ අවධානය යොමුවී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා සඳහන් කළේය.

 

විපක්ෂනායකවරයා සමඟ පැවැති හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා මෙම අදහස් පළකර තිබුණි.

 

මේ අතර වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳව වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය චමල් සංජීව මහතා පැවසුවේ පිළිකා රෝගීන් සඳහා ගුණාත්මකභාවයෙන් අඩු ශෛල්‍ය උපකරණ භාවිත කරන බවට මේ වනවිට තොරතුරු වාර්තාවී ඇති බවය.

 

මේ අතර උදරාබාධයක් හේතුවෙන් පේරාදේණිය රෝහලට ඇතුලත්ව ප්‍රථිකාර ලබමින් සිටියදී මිය ගිය 21 හැවිරිදි තරුණියගේ දේහය පිළිබද අවසන් කටයුතු අද සිදුකිරීමට නියමිතව තිබේ.

 

උදරාබාධ තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කළ එම තරුණියට එන්නත් දෙකක් ලබාදී ඇති අතර ඉන්පසු ඇතිවු සංකූලතා හේතුවෙන් ඇය මියගිය බවට පවුලේ ඥාතීන් චෝදනා කරයි.

 

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය උදය රලපනාව මහතා ප්‍රකාශ කළේ එන්නත් ලබාදීමත් සමග ඇතිවූ යම් ආසාත්මිකතාවයක් හේතුවෙන් හටගත් කම්පනයක් මත තරුණිය මියගිය බවට නිරීක්ෂණය වන බවය.

Related posts

දිස්ත්‍රික්ක 6 කට තද වැසි

Mohamed Dilsad

තවත් බිත්තර තොගයක් දිවයිනට

Mohamed Dilsad

ඖෂධ මිල දී ගෙන නිවසටම ලබා දීමේ ක්‍රියාවලියක්

Mohamed Dilsad

Leave a Comment