දේශීය

ප්‍රදේශ කිහිපයකට වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

 

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනි ඇති බව වාර්තා වෙයි.

 

මේ අතර, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු සහ උතුරු-මැද පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්වලත් විටින් විට හමන පැයට කිලෝ මීටර් 40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා තිබේ.

Related posts

ලබන 25 සහ 26 නිරිත දිග මෝසම සක්‍රීය වන ලකුණු

Mohamed Dilsad

වැඩ කිරීම වරදක් ලෙස දකින කණ්ඩායම් රට තුළ සිටීම ගැන කණගාටුයි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

ජනාධිපතිවරණ අපේක්ෂකයින්ගේ වියදම් වාර්තා මහජන ප්‍රදර්ශනයට

Editor O

Leave a Comment