දේශීය

ඖෂධ හිඟය නැති කිරීමට රජයෙන් සැලසුම්

ඉදිරියේ දී ඖෂධ හිඟයක් ඇති නොවීමට රජයෙන් වැඩපිළිවෙලක් හඳුන්වා දී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

 

අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ, ඖෂධ ගෙන්වීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීමට රජය පියවර ගෙන ඇති බවය.

 

“ස්ථාවර රටකට – සැවොම එක මඟට” යන මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මෙම අදහස් පළ කළේය.

 

“මේ මොහොත වනවිට අපේ මධ්‍යම ඖෂධ ගබඩාවේ තිබිය යුතු බෙහෙත්වලින් 190ක වගේ ප්‍රමාණයක් 800කින් අඩුව තියෙනවා. හැබැයි ආරෝග්‍යශාලාවල 90ක් වගේ තමා අඩුව තියෙන්නේ. මොකද අපිට මාසයකට විතර බෙහෙත් ඒ ආරෝග්‍යශාලාවල තියෙනවා. හැබැයි අපිට තාම පාලනය කරන්න පුළුවන් තැනක තියෙනවා මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයටත්, ජනාධිපතිවරයාටත් විටින් විට මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කරලා තියෙනවා. හෙට කැබිනට් මණ්ඩලයට වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කරන්න මම බලාපොරොත්තු වෙනවා. මගේ විශ්වාසයක් තියෙනවා මේ තාවකාලිකව ඇතිව තිබෙන බෙහෙත් හිඟය නිවැරදි කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග ගණනාවක් අරගෙන තියෙනවා.”

Related posts

මිනුවන්ගොඩ කො⁣රෝනා පොකුරෙන් තවත් 61 ක් හදුනා ගැනේ

Mohamed Dilsad

කොළඹ නගර සභාවේ බලය තීන්දු කරන දිනය මෙන්න

Editor O

ව්‍යාපාරික ප්‍රජාව ආරක්ෂා කිරීමට පියවර ගන්නවා – ජනපති

Mohamed Dilsad

Leave a Comment