දේශීය

නාඳුනන කාන්තා මළ සිරුරක් හමුවෙයි

තුවාල ලබාසිටියදී රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙන කාන්තාවකගේ අනන්‍යතාවය හඳුනාගැනීම සඳහා පොලීසිය මහජන සහාය පතයි.

 

පසුගිය 05 වනදා දුම්රිය අනතුරකින් තුවාල ලාබූ බව පැවසෙන අදාළ කාන්තාව රාගම රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.

 

මරණකාරියගේ අනන්‍යතාවය තහවුරු වී නොමැති අතර වයස අවුරුදු 45ක් පමණ වන තලෙළු සමක් ඇති, කළු සහ සුදු මිශ්‍ර හිසකෙස් සහිත, උස අඩි 05යි අඟල් 04ක් පමණ වූ කාන්තාවක් බව පොලීසිය පවසයි.

 

ඇය උඩුකයට සුදු හැට්ටයක් සහ යටිකයට ලා දම් පැහැති සායක් ඇඳ සිටින බවද සඳහන් කරයි.

 

මෘතශරීරය මේ වනවිට රාගම රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර ඇත.

Related posts

ඇමෙරිකා බදු සහන ලේඛනයේ ශ්‍රී ලංකාව නැහැ – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය

Editor O

කොළඹ හා ගම්පහ හැර දිස්ත්‍රික්ක රැසක ඇඳිරි නීතිය ඉවතට

Mohamed Dilsad

පාර්ලිමේන්තුව අසල යතුරු පැදි සිද්ධිය ගැන විමර්ශනයක්

Mohamed Dilsad

Leave a Comment