දේශීය

ප්‍රදේශ කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැක.

 

ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

 

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද පළාත්වලත් පුත්තලම, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන, පැ.කි.මී. (40-45) ක පමණ තරමක් තද සුළං ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

Related posts

රුපියල් මිලියන 12,025 කට වැඩි ප්‍රමාණයක ප්‍රතිලාභ ගෙවා අවසන්

Mohamed Dilsad

තවත් නාවිකයින් 4 දෙනෙකු සුවය ලබයි

Mohamed Dilsad

උත්සව සමයේ දුර ගමන් බස්රථ සඳහා සිවිල් ඇඳුමින් සැරසුණු නිලධාරීන් යෙදවීමට පියවර

Mohamed Dilsad

Leave a Comment