දේශීය

කොළඹ නගරය තුළ ඩෙංගු රෝගීන් වාර්තා වීම් ඉහළට

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයෙන් ඩෙංගු රෝගීන් වර්තා වීමේ වර්ධනයක් පෙන්නුම් කරන බව කොළඹ මහ නගර සභාව පවසයි.

 

එහි ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුණි මහතා සඳහන් කළේ, මෝසම් වැසි සක්‍රීය වීමත් සමඟ ඉදිරි සති දෙක ඇතුළත මෙම තත්ත්වය වර්ධනය වීමේ අවදානමක් මතු ව ඇති බව ය.

 

මෙම වර්ෂය තුළ කොළඹ නගරය තුළින් ඩෙංගු යැයි සැක කෙරෙන රෝගීන් 2,138ක් වාර්තා වී ඇති බවත් එයින් වැඩි ම රෝගීන් ගණනක් කුරුඳුවත්ත ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බවත් වෛද්‍යවරයා සඳහන් කර ඇත.

 

“විශේෂයෙන්ම කොළඹ නගරය තුළ විශාල ප්‍රමාණයක් අලුතින් ඉදිකරන ගොඩනැඟිලි තිබෙනවා. කොළඹ නගරය තුළ ඩෙංගු ව්‍යාප්තිය සැහෙන දුරට පාලනයකට නතු කරගෙන තිබෙනවා. නමුත් ඉදිරි සති 2ක තවදුරටත් තීරණාත්මකයි. මොකද මෝසම් වැසි සක්‍රීය වෙන නිසා” යනුවෙන් වෛද්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කරයි.

Related posts

සංචාරකයන්ට හඳුන්වාදෙන Taxi App එක

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයකට වැසි

Mohamed Dilsad

නිරෝධායනය වන 149 කගේ PCR වාර්තා අද

Mohamed Dilsad

Leave a Comment