දේශීය

ජාතික අධ්‍යාපන ආයතනයට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

ජාතික අධ්‍යාපන ආයතනයේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් මහාචාර්ය ප්‍රසාද් සේතුංග මහතා පත්කර තිබේ.

 

අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා අදාළ පත්වීම් ප්‍රදානය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී සිදුකර ඇත.

 

අනතුරුව ජාතික අධ්‍යාපන අයාතනයේ දී ප්‍රසාද් සේතුංග මහතා නව ධුරයේ රාජකාරී කටයුතු ආරම්භ කළේය.

 

මහාචාර්ය ප්‍රසාද් සේතුංග මහතා ජපානයේ ත්සුකුබා විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා ඇති අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පීඨයේ මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කරමින් සිටියේය.

 

එතුමා ශ්‍රී ලංකාවේ ගුරු අධ්‍යාපනය, ගුරු වෘත්තීය සංවර්ධනය, අන්තර්කරණ අධ්‍යාපනය, පාසල් පාදක ගුරු සංවර්ධන වැඩසටහන් ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ පර්යේෂණ අත්දැකීම් රැසක් සහිතව ක්‍රියාකාරීව කටයුතු කරන විද්වතෙකි.

Related posts

අවුරුදු 88 ක ට පසු හම්බන්තොට දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මැතිවරණ නාම යෝජනා සිදුවූ වෙනස

Editor O

රියදුරු බලපත්‍රයේ මුද්‍රණය වෙනත් අංශයකට

Mohamed Dilsad

අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් මහෙස්ත්‍රාත්වරුන්ට දැනුම්දීමක්

Editor O

Leave a Comment