දේශීයවිදෙස්

තායිලන්තයට ඍජු ගුවන් ගමන් ඇරඹේ

තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර අඩු වියදම් ඍජු ගුවන් ගමන් සේවාවක් ආරම්භ කර තිබේ.

 

ඒ අනුව, ඊයේ (09) රාත්‍රියේ 10.10ට එයාර් ඒෂියා ගුවන් සේවයේ ඒ.අයි.කිව්- 140 දරන ගුවන් යානය ප්‍රථම ගුවන් ගමන ආරම්භ කරමින් තායිලන්තයේ දොන් මුවාන් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත.

 

එය ඒ- 320 එයාර්බස් වර්ගයේ ගුවන් යානයකි.

 

එම ගුවන් යානයෙන් මගීන් 134 දෙනෙකු සහ කාර්යය මණ්ඩලයේ 07 දෙනෙකු මෙරටට පැමිණ සිටි අතර නැවත ගුවන් මගීන් 174 දෙනෙකු කටුනායක ගුවන් තොටුපොළෙන් රැගෙන තායිලන්තය බලා පිටත්ව ගොස් තිබේ.

 

තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර සතියකට ගුවන් ගමන් වාර 04ක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

 

ඒ අනුව සඳුදා, බදාදා, සිකුරාදා සහ ඉරිදා යන දිනවල රාත්‍රී 10.00ට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණෙන මෙම ගුවන් යානා, යළි රාත්‍රී 11.00ට තායිලන්තයේ දොන් මුවාන් ගුවන්තොටුපොළ වෙත පිටත්ව යාමට නියමිතය.

 

මෙම ගුවන් ගමන සඳහා පැය 03 යි විනාඩි 15 ක කාළයක් ගත වන අතර, මෙම ගුවන් සේවයෙන් පැමිණීමට සහ පිටත්වයාමට අවශ්‍ය ප්‍රවේශ පත්‍ර දෙකම සඳහා අය කරනු ලබන්නේ රුපියල් 50,000ක මුදලක් පමණි.

Related posts

පොලීසියෙන් ගත් අලුත්ම තීරණය

Mohamed Dilsad

ඉන්දීය යුද හමුදා ප්‍රධානී ජනපති හමුවෙයි

Mohamed Dilsad

කුකුළු මස් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ 33ක් ආනයනයට අවසර

Mohamed Dilsad

Leave a Comment