Trending Newsප්‍රමුඛ පුවත 1

කණ්ණාඩියක් බදු ග්‍රහලෝකයක්

අභ්‍යාවකාශයේ කැඩපතක් ලෙස හැඳින්විය හැකි ඉතා දීප්තිමත් ග්‍රහලෝකයක් සොයාගැනීමට තාරකා විද්‍යාඥයින් සමත්වී තිබේ.

 

පෘථිවියේ සිට ආලෝක වර්ෂ 264ක් පමණ ඈතින් ක්ෂීර පථයේ පිහිටි, නෙප්චුන් ග්‍රහලෝකය තරම් විශාල පැය 19කට වරක් තම සුර්යයා වටා පරිභ්‍රමණය වන මෙම ග්‍රහලෝකයේ විශේෂත්වය වන්නේ, ඒ මත පතිතවන හිරු රැස්වලින් 80%ක්ම පරාවර්ථනය කිරීම.

 

දැනට අප දන්නා රාත්‍රී අහසේ දීප්තිමත්ම ග්‍රහලෝකය වන සිකුරු එලෙස සුර්යාලෝකයෙන් 75%ක් පරාවර්ථනය කරන අතර අපේ පෘථිවිය එලෙස පරාවර්ථනය කරන්නේ ඒ මත පතිතවන හිරු එළියෙන් 30%ක් පමණය.

 

මෙම නව ග්‍රහලෝකය විශාල වශයෙන් ආලෝකය පරාවර්ථනය කිරීමට හේතු වී ඇත්තේ එයවටා ඇති ටයිටේනියම් සහ සිලිකේටවලින් තැනුනු ලෝහමය වලාවන් නිසා බව විද්‍යාඥයන්ගේ මතය වී ඇත.

Related posts

ජාතික ඇටමිදුලු බද්ධ කිරීමේ රෝහල සඳහා මුල්ගල තැබීම අද

Mohamed Dilsad

Australia’s strawberry needle scare widens

Mohamed Dilsad

මාතලේ තැපැල් සේවකයින් වර්ජනයේ

Mohamed Dilsad

Leave a Comment