දේශීය

තවත් රෝගියෙකු රෝහලේදී සැකසහිත ලෙස මරුට

කැනියුලාවකින් සිදුවූ විෂබීජ ආසාදනයකින් උණ රෝගියෙකු මියයෑමේ පුවතක් පානදුර මූලික රෝහලෙන් ඊයේ (13) වාර්තා වී තිබේ.

 

මෙලෙස මියගොස් ඇත්තේ, ඖෂධ නියාමන අධිකාරියේ කළමනාකාර සහායකවරයෙකි.

 

ඔහු සති දෙකකට පමණ පෙර උණ වැළඳී ගාල්ල ප්‍රදේශයේ රජයේ රෝහලකට ඇතුළත් කර ඇති අතර එහිදී සවිකළ කැනියුලාව ඔස්සේ ආසාදනයක් ඇතිවී විෂබීජ ශරීරගතවී ඇති බව තවදුරටත් වාර්තා වෙයි.

 

පසුව පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහු හෘද රෝගියෙකු බැවින් වෙනත් රෝහලකට මාරු කරයැවීමට වෛද්‍යවරුන් උත්සාහ කර තිබේ.

 

නමුත් එහිදී ඔහු මියගොස් ඇති අතර කැනියුලාව ඔස්සේ සිදුවූ විෂබීජ ආසාදනයක් මරණයට හේතු වන්නට ඇතැයි වෛද්‍යවරුන් විශ්වාස කරයි.

Related posts

මැතිවරණ පෙත්සම් 9 වන දිනටත් වැඩිදුර සලකා බලයි

Mohamed Dilsad

අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි

Mohamed Dilsad

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment