දේශීය

ෂෙහාන් සේමසිංහගෙන් ආර්ථික ඉලක්ක 03ක්

රටේ ආර්ථික ස්ථාවරභාවය ඇති කර ගැනීම සඳහා ඉලක්ක 03ක් සපුරා ගත යුතු බව ෂෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි.

 

ණය බරතාව, ණය සේවාකරණය හා මුල්‍ය අවශ්‍යතාව යන අංශ පදනම් කර ගනිමින් මෙම ඉලක්ක සපුරා ගත යුතු බව ඔහු පවසයි.

 

ලබන මාසයේ දී උද්ධමනය 07% දක්වා අඩුවනු ඇති බවද ෂෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කර ඇත.

 

මේ අතර, ගෝලීය දරිද්‍රතාව පිටුදැකීම සඳහා අර්බුදකාරී රටවලට ණය සහන ලබා දීම කෙරෙහි අවධානය යොමු විය යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අවධාරණය කරයි.

 

එම සංවිධානයේ සංවර්ධන වැඩසටහන පෙන්වා දෙන්නේ, කොවිඩ් වංගතයත් සමඟ ලෝකයේ රටවල මිලියන 165ක පිරිසක් දිළිඳුභාවයට පත්ව ඇති බවයි.

 

මෙම තත්ත්වය පිටු දැකීමට අවශ්‍ය පියවර ගත යුතුව ඇති බව එම වැඩසටහන පෙන්වා දී ඇත.

 

එළැඹෙන සතියේදී රැස්වන ජී20 කණ්ඩායමේ මුදල් අමාත්‍යවරුන්ගේ සමුළුවේදී අර්බුදකාරී රටවල ණය ගැටලුව විසඳීම සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ මෙන්ම ජාත්‍යන්තර ණය ප්‍රතිව්‍යූහගත කිරීම සම්බන්ධයෙන් ගැඹුරින් අවධානය ‍යොමුවිය යුතු බවද එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන තවදුරටත් අවධාරණය කරයි.

 

ජී20 කණ්ඩායමේ මුදල් අමාත්‍යවරු සහ මහ බැංකු අධිපතිවරුන්ගේ තෙවන සමුළුව ඉන්දියාවේ ගුජරාට් හිදී ඊයේ (01) සහ අද දිනයේ පැවැත්වෙයි.

Related posts

ජේතවනාරාම දාගැබ සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවයි

Mohamed Dilsad

නීතිපතිවරයා ඇතුළු සිව් දෙනෙකුට නොතීසි නිකුත් කරයි

Mohamed Dilsad

මේ වසරේ පළමු මාස 05 තුළ අයවැය හිඟය 64%කින් අඩු වෙලා – රාජ්‍ය ඇමැති සියඹලාපිටිය

Editor O

Leave a Comment