දේශීය

පදවි ප්‍රාප්තිය වෙනුවෙන් උත්සව අනවශ්‍ය බවට ජනපතිගෙන් නිවේදනයක්

තම පදවිප්‍රාප්තිය වෙනුවෙන් කිසිදු උත්සවයක් සංවිධානය නොකරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරින්ට උපදෙස් ලබාදී තිබේ.

 

ජනාධිපති පදවිප්‍රාප්තිය වෙනුවෙන් උත්සව සංවිධානය කිරීම සම්බන්ධයෙන් පාර්ශව කිහිපයක් සිදුකළ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී ඇති බව වාර්තා වෙයි.

 

එළැඹෙන 21 වන දිනට රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත් වී වසරක් සම්පුර්ණ වීමට නියමිතය.

 

පසුගිය වසරේ ජුලි මස 20 වන දින පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමකදී ජන්ද 134ක් ලබා ගනිමින් රනිල් වික්‍රමසිංහ මහතා අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස පත්වූ අතර, ජුලි මස 21 වනදා ඒ මහතා මෙරට අට වන ජනාධිපති ලෙස දිවුරුම් දෙනු ලැබීය.

 

රජයට සහ ජනාධිපතිවරයාට හිතවත් පාර්ශව පෙන්වා දී ඇත්තේ, පත්ව තිබූ අරාජිකත්වයෙන් රට සාමාන්‍යකරණයකට පත් කර ඇති හෙයින් පදවිප්‍රාප්ති උත්සවයක් සංවිධානය කළ යුතු බවයි.

 

කෙසේ වෙතත් කිසිදු මහජන මුදලක් හෝ පෞද්ගලික මුදලක් වැය කොට පදවිප්‍රාප්ති උත්සවයක් සංවිධානය කිරීම අවශ්‍ය නොවන බව ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

 

මේ අතර, පදවිප්‍රාප්ත දිනය යෙදී ඇති ලබන 21 වනදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිල සංචාරයක් සඳහා ඉන්දියාවට යාමට නියමිතයි.

Related posts

යුක්රේන සංචාරකයින් ඇතුලු 626 දෙනෙක් අද දිවයිනට

Mohamed Dilsad

ප්‍රකාශයක් ලබාදුන් රාජිත පිටව යයි

Mohamed Dilsad

තැපැල් ඡන්ද විමසීම හෙටින් ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment