දේශීය

කාන්තාවක් දුම්රියේ ගැටෙයි

මරදාන සිට දකුණු කළුතර බලා ධාවනයවූ අංක 716 මන්දගාමී දුම්රියේ ගැටී කාන්තාවක් මියගොස් තිබේ.

 

පානදුර සහ එගොඩඋයන දුම්රිය ස්ථාන අතර දී මෙම අනතුර සිදුවී ඇත.

 

පානදුර දකුණු පොලීසිය පැවසුවේ මෙම කාන්තාව අපරික්ෂාකාරී ලෙස දුම්රිය මාර්ගය හරහා ගමන් කිරීමේදී දුම්රියේ ගැටී ඇති බවය.

 

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 60ක් පමණ වයසැති කාන්තාවක් බවත් ඇයගේ අනන්‍යතාවය මෙතෙක් හඳුනාගෙන නොමැති බවත් පොලීසිය පවසයි.

 

පානදුර දකුණු පොලීසිය මේ සම්බන්යෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related posts

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 71 වන සංවත්සරය අද

Mohamed Dilsad

කොරෝනා බවට සැක දෙදෙනෙක් ලංකාවෙන් සොයාගැනේ

Mohamed Dilsad

ලබන වසරේ සිට මහ බැංකු වර්තාව පාසල්වල සාකච්ඡාවට – ජනපති

Mohamed Dilsad

Leave a Comment