දේශීය

අද කාලගුණය

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (16) දිනයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය.

 

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Related posts

විදුලි බලයෙන් ක්‍රියාකරන BYDවල තාක්ෂණ දෝෂ : අළෙවි කළ වාහන තොගයක් යළි කැඳවයි

Editor O

කොරෝනා පිළිබඳ තොරතුරු දැනගැනීමට විශේෂිත දුරකථන අංක 02ක්

Mohamed Dilsad

ලංකා විදුලි (පෞද්) සමාගමේ ලොක්කාගේ “බෙන්ස්” සිහිනය බිඳවැටේ

Editor O

Leave a Comment