විදෙස්

දකුණු චීනයට සුළි කුණාටු බලපෑමක්

චීනයේ ග්වන්ඩොන් පළාතට ප්‍රබල සුළි කුණාටුවක් කඩා වැදී තිබේ.

 

තාලිම් නැමැති එම සුළි කුණාටුව පැයට කිලෝමීටර් 140ක වේගයකින් දකුණු දිග චීනයට කඩා වැදී ඇති බව වාර්තා වේ.

 

මේ හේතුවෙන් පුද්ගලයින් 230,000ක පමණ පිරිසක් ආරක්ෂිතව ඉවත් කර ඇති අතර ගුවන් ගමන් සහ දුම්රිය ගමන් අවලංගු කර තිබේ.

 

චීන කාලගුණවිද්‍යා බලධාරීන් ප්‍රකාශ කළේ, අද (18) උදෑසන වන විට එම සුළි කුණාටුව වේගය අඩුවී වියට්නාමය වෙත ගමන් කරනු ඇති බවය.

 

මේ අතර වියට්නාමයේ ද පළාත් කිහිපයක 30,000ක පමණ පිරිසක් ආරක්ෂිතව ඉවත් කර තිබේ.

Related posts

ඉරානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් නිවේදනයක්

Mohamed Dilsad

ලෝකය පුරා සිටින දක්ෂ සේවකයන් ඇමෙරිකාවට ගෙන්වා ගැනීමට ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් සැලැස්මක්

Editor O

ලොව පුරා රටවල් වලින් වාර්තාවී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව කෝටි 17 පනී

Mohamed Dilsad

Leave a Comment