දේශීය

රා බද්ද පනවන්නේ මෙහෙමයි

රා මත පැනවීමට යෝජිත බද්ද, රා තොග වශයෙන් නිෂ්පාදනය කරනු ලබන පුද්ගලයින්ගෙන් අයකර ගැනීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

 

“අද දෙරණ බිග් ෆෝකස්” වැඩසටහනට එක් වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.

 

“විශේෂයෙන් තොග රා වලට දැන් මේකෙන් අදහස් වෙන්නේ නැහැ ගමේ රා බෝතලයක් නිෂ්පාදනය කරගන්නා නිෂ්පාදකයාගේ කෙරෙහි ‍අවධානය යොමුවෙලා තියෙන්නේ කියන එක. තොග රා නිෂ්පාදනයක් අපේ රටේ සිද්ධ වෙනවා. විශේෂයෙන්ම කලාප කිහිපයක. ඒ තොග රා වලින් වැඩි ප්‍රමාණයක් යන්නේ අරක්කු නිෂ්පාදනාගාරවලට. අරක්කු නිෂ්පාදනයට කොටසක් යනවා. කොටසක් තොග වශයෙන් බෝතල් කරලා රටේ බෙදා හරිනවා. කොටසක් විනාකිරිවලට යවනවා. දවසකට තොග රා නිෂ්පාදනය සාමාන්‍යෙයන් ලීටර් 150,000ක් විතර නිෂ්පාදනයක් වෙනවා. හැබැයි ගහෙන් ගන්න රා තියෙන්නේ ඒකෙන් තුනෙන් එකක් විතරයි. එතකොට සාමාන්‍යයෙන් ගහකට රුපියල් 500ක ආදායමක් තමයි වර්ශයකට රජයට ලැබෙන්නේ. අනෙක් කිසිම ආදායමක් රජයට ලැබෙන්නේ නැහැ. මේක නිෂ්පාදන ප්‍රශ්නයක් මොකද ඔහුට හැමවිටකම ඉන්න වෙන්නේ නීතියට පිටින්. නිත්‍යානූකූල ව්‍යාපාරිකයෙකු විදිහට නෙමෙයි ඔහුට කටයුතු කරන්න වෙලා තියෙන්නේ. ඕන වෙලාවක ගිහින් නිලධාරියෙකුට ඔහුව අත්අඩංගුවට ගන්න පුළුවන්. ඔහුට කාගේ හරි බලය පස්සේ යන්න වෙනවා ඔහුව රැකෙන්න. රජයට ආදායමකුත් නැහැ. ප්‍රමිතිය පිළිබඳ වගකීමකුත් නැහැ. නිෂ්පාදකයා සෑහිමකට පත්වෙලත් නැහැ. හැබැයි මේක අවුරුදු ගණනක් තිස්සේ යනවා. අපේ තිබෙනවානේ එක එක හැදුණු ජාලයන්.”

 

ප්‍රශ්නය – ඒ අනුව මේ ලීටර් 150,000 ආණ්ඩුවේ රාමුව ඇතුළට ගන්න එකද මෙතන අරමුණ ?

 

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා,

 

“ඔව්. ආණ්ඩුවේ රාමුව ඇතුළට අරගෙන ඔහුගෙන් අපි රාජ්‍ය ආදායමත් අරගෙන. ඔහුට ප්‍රමිතිය පිළිබඳ වගකීමකුත් ඒ අතර පැවරෙනවා. ඒ වගේම නිෂ්පාදකයාට බියක් සැකක් නැතුව. කාගෙවත් ශක්තිය ඔහුට අවශ්‍ය වෙන්නේ නැහැ. නිලධාරීන් පස්සේ යන්න අවශ්‍ය වෙන්නේන නැහැ. හොඳ ව්‍යාපාරිකයෙක් ලෙස මේ කටයුත්ත කරගෙන යන්න පුළුවන්”.

 

ප්‍රශ්නය – මේ දත්ත ලබාගත්තේ කොහොමද ?

 

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා – අපිට හොයන්න පුළුවන් දිනකට අරක්කු නිෂ්පාදනගාර සඳහා රා කොපමණ ලැබෙනවාද කියලා දැනගන්න.

 

ප්‍රශ්නය – ඒ කියන්නේ මෙච්චර කාලයක් ඔවුන් නීතිනිරෝධීව ද මේ කටයුත්තතේ නිරත වුණේ ?

 

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා – යම් ආකාරයක බැලුවොත් මෙතෙක් කල් මේක.. විවිධාකාර හේතුවෙන්න පුළුවන්.

Related posts

ව්‍යාජ මුදල් නෝට්ටු ජාවාරමකට සම්බන්ධ අයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

නව ආසාදිතයින් 211ක්

Mohamed Dilsad

අර්ධ සුඛෝපභෝගී බස් රථ අවසන් කරයි

Mohamed Dilsad

Leave a Comment