දේශීයවිදෙස්

ජනපති ඉන්දීය විදේශ ඇමති හමුවෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.

 

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ මීට සුළු මොහොතකට පෙර එම හමුව පැවති බවය.

 

දෙදින නිල සංචාරයක් සඳහා අද (20) පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉන්දියාව බලා පිටත්ව ගියේය.

 

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ සිදුකරන පළමු නිල සංචාරය මෙයයි.

 

සිය ඉන්දීය සංචාරය අතරතුරදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවී සාකච්ඡා කිරීමට නියමිතය.

Related posts

යුක්‍රේන සංචාරකයින්ගේ සංචාර හදිස්සියේ අවලංගු කෙරේ

Mohamed Dilsad

රනිල්ගේ මන්ත්‍රී ධූරයට එරෙහිව ගොනුකළ පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ

Mohamed Dilsad

නීතිපති නිර්දේශය ගැන ලසන්තගේ දියණියගෙන් අගමැති ට ලිපියක්

Editor O

Leave a Comment