දේශීය

රට තුළ භාවිත කරන ඖෂධ ගැන දැනුම්දීමක්

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ගෙන්වන ලද ඖෂධ ‍වර්ග ප්‍රමිතියෙන් තොර බවට සිදුකරන චෝදනා ප්‍රතික්ෂේප කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා පවසයි.

 

ඔහු ප්‍රකාශ කළේ අදාළ ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ 679ක් සඳහා ඇණවුම් ලබාදී ඇති අතර ඉන් ඖෂධ වර්ග 278ක් මේ වනවිට රටේ සෞඛ්‍ය පද්ධතිය තුළ භාවිත වන බවය.

 

භාවිත වන ඖෂධ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ගැටලුකාරී තත්ත්වයක් වාර්තාවී නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශයයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා ප්‍රකාශ කළේය.

 

කෙසේවුවද කොළඹ ජාතික අක්ෂි රෝහල ඇතුළු රෝහල් කිහිපයක ගැටලුකාරී තත්ත්වයක් මතු කළ ඖෂධයේ නිෂ්පාදන සමාගමට එරෙහිව නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව වෛද්‍ය සමන් රත්නායක මහතා වැඩිදුරටත් පැවසීය.

 

මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයින් පිරිසක් සහ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.

 

රටේ පවතින සෞඛ්‍ය අර්බුදය පිළිබඳ සමගි ජනබලවේගය විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයට සිදුකළ පැමිණිල්ලකට ප්‍රතිචාර දැක්වීමක් ලෙස විපක්ෂනායක කාර්යාලයේදී එම සාකච්ඡාව පවත්වා ඇති බව වාර්තා වෙයි.

 

රටේ සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කිරිමට අවශ්‍ය සහයෝගය ලබාදීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයින් පිරිස මෙහිදී එකඟතාව පළ කළ බව සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පැවසීය.

Related posts

ශ්‍රී ලංකා පිතිකරුවන්ගෙන් ප්‍රබල ආරම්භයක්

Mohamed Dilsad

උප්පැන්න ය ඩිජිටල් වෙයි

Mohamed Dilsad

ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට තීරණය කෙරේ

Mohamed Dilsad

Leave a Comment