දේශීය

මුහුදේ දියනෑමට ගිය තරුණයින් තිදෙනෙක් අතුරුදන්

මීගමුව ඒත්තුකාල ප්‍රදේශයේ මුහුදේ දියනෑමට ගිය තරුණයින් තිදෙනෙකු දියේ ගිලී අතුරුදන්ව තිබේ.

 

අද (23) දහවල් 12.45ට පමණ අදාළ තරුණයින් මුහුදේ දියනෑම සඳහා ගොස් සිටියදී ‍මෙලෙස අනතුරට ලක්ව ඇති බව මීගමුව පොලීසිය සඳහන් කළේය.

 

අතුරුදන්ව ඇත්තේ ඩයගම, චුන්නාකම් සහ චන්දපුරම් යන ප්‍රදේශවල පදංචිව සිටි 20 සහ 23 හැවිරිදි තරුණයින් තිදෙනෙකි.

 

ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් අතුරුදන් වූ පුද්ගලයින් සෙවීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

 

 

Related posts

වෙඩි තැබීමකින් එස්. එෆ් ලොක්කා ජීවිතක්ෂයට

Mohamed Dilsad

තවත් කොවිඩ් මරණ 3ක්[RELEASE]

Mohamed Dilsad

වන්නියේ බල කණු දෙකක් රිෂාඩ්ගේ පක්ෂයට එකතු වෙයි.

Editor O

Leave a Comment