දේශීය

කෝටි තුනකට අධික මුදලක් වංචා කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

නිවාස සාදා දෙන බවට පවසා මුදල් ලබාගෙන රුපියල් කෝටි තුනකට අධික මූල්‍ය වංචා කිරීමේ සිද්ධියකට සම්බන්ධ පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

සැකකරු සම්බන්ධයෙන් නුගේගොඩ විශේෂ විමර්ශන අංශය සහ මාලබේ පොලිස් ස්ථානය වෙත ලද පැමිණිලි 26ක් සම්බන්ධයෙන් මිරිහාන අපරාධ කොට්ඨාශය සිදුකළ විමර්ශනයදී ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

 

සැකකරු විසින් මාලබේ ප්‍රදේශයේ සමාගමක් පවත්වාගෙන යමින් නිවාස සාදා දෙන බවට පවසමින් පුද්ගලයින්ගේ රුපියල් 34,375,000ක මුදලක් වංචා කර තිබේ.

 

අත්අඩංගුවට ගත් සැකකරු 41 හැවිරිදි කඩුවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු අද (24) කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

අත්‍යාවශ්‍ය රාජකාරි සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවෙන් වැඩපිළිවෙලක්

Mohamed Dilsad

ආනයන තහනම ප්‍රමුඛතාව මත ලිහිල් කිරීමට සූදානම

Mohamed Dilsad

දිස්ත්‍රික්ක 6 කට තද වැසි

Mohamed Dilsad

Leave a Comment