විදෙස්

ඉරාන ජනාධිපතිවරණය අද

(උදයම්,ඉරානය)  – ජනාධිපති හසාන් රව්හානිගේ බලය උරගා බැලෙන ඉරාන ජනාධිපතිවරණය අද පැවැත්වෙනවා. ඒ ලෝක බලවතුන් සමග න්‍යෂ්ටික සහයෝගීතා ගිවිසුමකට එළම්බීමෙන් අනතුරුවයි.

අද පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් කිසිදු අපේක්ෂකයෙකු සියයට 50 කට වැඩි ඡුන්ද ප්‍රතිශතයක් ලබාගැනීමට නොහැකි වුවහොත් ජනාධිපතිවරණයේ දෙවන වටය ඉදිරි සතියේ පැවැත්වෙනු ඇත.

68 හැවිරිදි රව්හානි මධ්‍යස්ථ මතධාරියෙකු වන අතර ඔහුගේ ප්‍රධානතම ප්‍රතිවාදියා වන ඊබ්‍රාහිම් රයිසි දැඩි මතධාරී පුද්ගලයෙකු ලෙසයි සැළකේ.

ඔහු ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනිගේ සමීපතයෙකු ලෙස විදෙස් වාර්තා සඳහන් කරයි.

Related posts

සෙන්දිල් තොණ්ඩමන් නැවතී සිටි හෝටලයට නේපාල අරගලකරුවන් ගිනිතියලා

Editor O

ඇෆ්ගනිස්තානයෙන් සිවිල් වැසියන් ඉවත් කරගැනීමට තවත් ගුවන්යානා

Mohamed Dilsad

චීන-ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම අවසන් කරන ලෙස, චීනයෙන් ඉල්ලීමක්

Editor O

Leave a Comment