ප්‍රමුඛ පුවත 1

අකුරැස්සේ බස් රථ අනතුරෙන් 52 කුට තුවාල

(උදයම්,කොළඹ)  – අකුරැස්ස ,කියාඩුව ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරකින් 52 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.

අද පෙරවරුවේ ලංගම බස් රථයක් සහ පෞද්ගලික බස් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

මෙම අනතුරෙන් තුවාල ලැබූවන් අකුරැස්ස රෝහලට ඇතුළත් කර ඇති අතර, ඉන් බරපතල තත්ත්වයේ පසුවූ 6 දෙනෙකු මාතර මහ රෝහලට මාරුකර යවා ඇති බව පොලිසිය පවසයි.

තුවාලකරුවන් අතර කාන්තාවන් 31 ක් සහ පිරිමි පුද්ගලයන් 21 දෙනෙකු වන බව පොලිසිය සඳහන් කරයි.

බස් රථ දෙකෙහි රියදුරන් ද ඒ අතර වෙති.බොහෝ දෙනෙකුගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

Related posts

අපිරිසිදු පානීය ජල බෝතල් අලෙවි කිරීමේ සිද්ධියකට සම්බන්ධ ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගන්නැයි නියෝග

Mohamed Dilsad

මහනුවර ජීවිත හා දේපල හානි වෙනුවෙන් වන්දි ගෙවීමට සුදානම්

Mohamed Dilsad

මිය ගොස් සිටි පොලිස් සැරයන්වරයන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද

Mohamed Dilsad

Leave a Comment