දේශීය

ඩයනාට එරෙහි පෙත්සම විභාගයට දින නියම කෙරේ

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ රිට් පෙත්සම යළි විභාගයට ගැනීමට අභියාචනාධිකරණය දින නියම කර තිබේ.

 

පෙත්සමේ තීන්දුව අද (25) අභියාචනාධිකරණය සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණි.

 

එහෙත් සභාපති විනිසුරු නිශංක බන්දුල කරුණාරත්න මහතා සඳහන් කළේ තමා සහ විනිසුරු මරික්කාර් අතර බෙදුණු නඩු තීන්දුවක් පවතින බවය.

 

එබැවින් එම නඩුව පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ යළි විභාගයට ගන්නා බව ද විනිසුරුවරයා නියම කර තිබේ.

 

ඒ අනුව පෙත්සම් විභාගය සැප්තැම්බර් මස 14 වන ද සිදුකිරීමට නියෝග කෙරුණි.

 

සමාජ ක්‍රියාකාරිකයකු වන ඔෂල හේරත් මහතා විසින් පෙත්සම ඉදිරිපත් කර ඇති අතර ඔහු පවසන්නේ වගඋත්තරකාර ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් බැවින් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට අනුව ඇයට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට කිසිදු නීතිමය සුදුසුකමක් නොමැති බවය.

 

එබැවින් ඇයට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරීමට සුදුසුකම් නොමැති බවට තීන්දු කොට ඇයගේ මන්ත්‍රී ධුරය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබුණි.

Related posts

රන් මිල තවත් ඉහළට

Mohamed Dilsad

ඇදිරි නිතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 33,155 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

වෙඩි වැදි මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් ගුවනින් ලංකාවට

Mohamed Dilsad

Leave a Comment