දේශීය

බරපතළ අවදානමකට අත වනන උභතෝකෝටික ප්‍රශ්නය

උතුර, උතුරු මැද සහ නැගෙනහිර යන පළාත් ඇතුළු දිවයිනේ තවත් ප්‍රදේශ කිහිපයකටම පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජලාශ රැසක ජල මට්ටම් පහත වැටී තිබේ.

 

මෙම කලාපයේ වැසි ජලයෙන් පෝෂණය වන වැව් 6,000 ක් පමණ මේ වනවිට සිඳී ඇතැයි වාර්තා වේ.

 

ඒ අතරින් අනුරාධපුර, පොළොන්නරුව සහ ත්‍රිකුණාමලය ආදී දිස්ත්‍රික්කවල පිහිටි වැව් රැසක ජල මට්ටමද මේ වනවිට පහළ ගොස් ඇත.

 

මේ අතර පවතින වියළි කාලගුණික තත්ත්වය හමුවේ උඩවලව ජලාශයේ ජල මට්ටමද සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇත.

 

මේ හේතුවෙන් උඩවලව ජලාශය යටතේ වගාකර ඇති කුඹුරු අක්කර පනස් දහසකට වැඩි ප්‍රමාණයකට ජලය සපයා ගැනීම ගැටලුවක් බවට පත් ව තිබේ.

 

ඒ අනුව උඩවලව ජලාශයේ ජල මට්ටම පහත වැටී ඇති පසුබිමක සමනළ වැව ජලාශයේ ජලය උඩවලව ජලාශයට නිකුත් කළහොත් දකුණු පළාත තුළ පැය 1ත් පැය 03ත් අතර කාලයක විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට සිදුවනු ඇති බවට විදුලි ඉංජිනේරුවන් අනතුරු අඟවයි.

 

මේ අතර පවතින නියං තත්ත්වය හේතුවෙන් ඉදිරි මහ කන්නය අසාර්ථක වුවහොත් රට තුළ ආහාර හිඟයක් ඇතිවීමේ අවදානමක් ද පවතින බව මහින්ද අමරවීර අමාත්‍යවරයා පවසයි.

 

අඟුණුකොළපැලැස්ස ප්‍රදේශයේ පැවති ගෙවතු වගා වැඩසටහනකට එක්වෙමින් මහින්ද අමරවීර අමාත්‍යවරයා පැවසුවේ ගොවි ජනතාව ට මෙන්ම රටේ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ලවන බැවින් කෙටි වේලාවක විදුලි කප්පාදුවක් සිදුකරමින් හෝ ගොවි බිම් සඳහා ජලය ලබා දියයුතු බවය.

Related posts

ජෝන්ස්ටන් ප්‍රනාන්දු හිටපු ඇමතිවරයාට කොළඹ මහාධිකරණය වරෙන්තු නිකුත් කරයි.

Editor O

මෙරට තවත් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙක් සුවය ලබයි

Mohamed Dilsad

අදානිගේ මන්නාරම සුළං විදුලි ව්‍යාපෘතිය අත්හිටුවයි.

Editor O

Leave a Comment