දේශීය

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියක් ගැන වෙනස් කතාවක්

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියක් කියූ පමණින්ම අපේ මනසට එන්නේ ගෙයින් ගෙට යමින් ගර්භණී මව්වරුන් සහ දරුවන් පරීක්ෂා කරමින්, ඔවුන්ගේ සෞඛ්‍ය සහ පෝෂණය පිළිබඳ සොයා බලන කාන්තාවකි.

 

නමුත්, රාජකාරියෙන් ඔබ්බට ගොස් ප්‍රදේශයේ දරු දැරියන්ගේ මෙන්ම මව්පියවරුන්ගේ දක්ෂතා ඇගයීමට කැපවූ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියක් පිළිබඳව පුවතක් මේ.

 

මේ වෘත්තියෙන් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියක් වන අතුල්ල්‍යා වීරසේකර.

 

ඇය අපට හමුවන්නේ හොරණ ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේ පැවැති අරමනාගොල්ල පවුල් සෞඛ්‍ය සේවා නිලධාරි කොට්ඨාසයේ සෙනෙහසේ සවිය හා සෙනෙහසේ දිරිය මව්පිය සංගම විසින් සංවිධානය කරනු ලැබූ ඇගයීම් කුසලතා සම්මාන උළෙලේදීය.

 

සාමාන්‍යෙයන් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනයකට පැවරෙන්නේ තම කොට්ඨාසයේ ගර්භණී මව්වරුන්ගේ සහ දරුවන්ගේ සෞඛ්‍ය හා පෝෂණ තත්ත්වය සොයා බලා ඔවුන්ට ඊට අවශ්‍ය උපදෙස් ලබාදීමය.

 

නමුත් අතුල්‍යා තම රාජකාරියෙන් ඔබ්බට ගොස් වෙනස්ව සිතන නිලධාරිනියකි.

 

මෙම සම්මාන උළෙල සුවිශේෂී වන්නේ අන්න ඒ නිසයි.

 

ඒ අනුව, 2016 වසරේ සිට වර්ෂිකව මෙම සම්මාන උළෙල පැවැත්වෙන අතර මව් පිය හව්ල් ශක්තිමත් කරමින් ඇගයීම් කුසලතා තරග, ඒ ඒ වයස් සීමාවන්ට යටත්ව නිරෝගමත් දරුවන් හා ක්‍රියාශීලී දරුවන් තේරීම, යොවුන් දරුවන් සඳහා නිර්මාණාත්මක තරග, නුවණැති මව තේරීම, අත්කම් නිර්මාණ , ගුණාත්මක ප්‍රණීත ආහාර නිෂ්පාදනය හා දරුවන්ට රුචිකත්වය ඇති වෙන පරිදි ගුණාත්මකව හා රසවත්ව ආහාර වේලක් සකස් කිරීම ආදි අංශ 9ක් යටතේ තරග පවත්වා ජයග්‍රාහකයින්ට ත්‍යාග ලබාදීම මෙහිදී සිදුකෙරේ.

 

තම රාජකාරියෙන් ඔබ්බට ගොස් ජනතාවගේ යහපත සහ පවුල්වල සමගිය වෙනුවෙන් කැප වෙනමින් සිදුකරන මෙහෙය වෙනුවෙන් අතුල්‍යා වීරසේකර පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය ඇගයීමද මෙහිදී සිදුකෙරුණි.

Related posts

සයින්දමරුදු නගර සභාව ස්ථාපිත කිරීමේ ගැසට් නිවේදනය අත්හිටුවයි

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිත පිරිස 1000 අභිබවයි [UPDATE]

Mohamed Dilsad

අප්‍රේල් 09 වනදා සිට විශේෂ දුම්රිය සේවාවක් [RELEASE]

Mohamed Dilsad

Leave a Comment