විදෙස්

ප්‍රංශ තානාපති කාර්යාලයෙන් නිවේදනයක්

නයිජර්හි සිටින ප්‍රංශ පුරවැසියන් කඩිනමින් ඉවත් කරගන්නා බව එරට ප්‍රංශ තානාපති කාර්යාලය පවසයි.

 

ඒ අනුව ගුවන් මඟින් ඔවුන් ප්‍රංශය වෙත රැගෙන යාමට සැලසුම් කර ඇති බව ප්‍රංශ තානාපති කාර්යාලය සඳහන් කළේය.

 

නයිජර්හි පැවති විරෝධතා අතර තුර පසුගියදා ජනාධිපති මොහොමඩ් බසුම්ගේ පාලනයෙන් එරට බලය අත්පත් කර ගැනීමට නයිජර් ආරක්ෂක අංශ කටයුතු කළේය.

 

එහෙත් මේ වන විටත් නයිජර්හි විරෝධතා උත්සන්න වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

 

 

Related posts

ෆීජි දිවයිනේ අවසන් කොරෝනා ආසාදිතයා පූර්ණ සුවය ලබයි

Mohamed Dilsad

යුරෝපා සංගමයෙන් ඉවත්වීමට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ කැමැත්ත

Mohamed Dilsad

චීන ටික්ටොක් තරුව දොඹකරයෙන් බිමට වැටී ජීවිතක්‍ෂයට පත්වෙයි

Mohamed Dilsad

Leave a Comment