දේශීය

රන් මිල පහළට

මෙරට රත්‍රං මිල ගණන් පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි.

 

ඒ අනුව අද (02) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු. 154,500 ක් දක්වා පහළ ගොස් තිබේ.

 

පසුගිය සතියේ සඳුදා දිනයේ දී එය දැක්වුණේ රු. 156,300ක් ලෙසය.

 

මේ අතර සිකුරාදා රු. 169,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 167,000 ක් දක්වා පහත වැටී ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

Related posts

පාර්ලිමේන්තු කාරක සභා සම්බන්ධයෙන් කථානායකගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

ජනපති පාර්ලිමේන්තුවට පැමිණෙයි

Mohamed Dilsad

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රකාශයෙන් චාමර සම්පත්ට වෙන්න යන දේ

Editor O

Leave a Comment