දේශීය

කොමිෂන් සභා දෙකක පුරප්පාඩු තවදුරටත්

මැතිවරණ කොමිෂන් සභාවේ පවතින පුරප්පාඩු සඳහා ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය ලබාදීම තවදුරටත් කල් දමා තිබේ.

 

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා මේ මස 22 වන දින යළි ව්‍යවස්ථාදායක සභාව රැස්වීමට නියමිත බවය.

 

ව්‍යවස්ථාදායක සභාව ඊයේ (02) රැස්වූ අතර එහිදී දැනට පුරප්පාඩුව පවතින මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් දෙදෙනා සහ පොලිස් කොමිෂන් සභාවේ පුරප්පාඩු සාමාජිකයා පත්කිරීම පිළිබඳව අනුමැතිය ලබාදීමට නියමිතව තිබුණි.

 

කෙසේවෙතත් ඊයේ දිනයේ අදාළ පත් කිරීම් සඳහා නිර්දේශ ලබාදීම සිදු නොවූ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේය.

Related posts

ඖෂධවලට උපරිම සිල්ලර මිලක් නියම කෙ⁣රේ.

Editor O

රටේ ආර්ථිකය, අර්බුදයක් කරා ගමන් කරනවා. විදේශ සංචිත අඩුවෙලා – පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න

Editor O

මෙරට තවත් ආසාදිතයින් පිරිසක් සුවය ලබයි

Mohamed Dilsad

Leave a Comment