දේශීය

ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය කඩිනමින් අවසන් කිරීමට සැරසෙයි

මේ වසරේ සැප්තැම්බර් මාසයට යෙදී ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු ඇගයීමට පෙර ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය අවසන් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

 

කොළඹ පැවැති උත්සවයකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

 

CPA AUSTRALIA ගණකාධිකරණ අධ්‍යයන ආයතනයේ උත්සවයක් මෙලෙස කොළඹදී මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

 

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා,

 

“ජාත්‍යන්තරය ගැන අවධානය යොමුකරන, තිරසාර, පෞද්ගලික අංශයට ප්‍රමුඛත්වය හිමිවන දීප්තිමත් ඩිජිටල් ආර්ථිකයක් ලෙස, ශ්‍රී ලංකාවේ හැකියාවන් විදහාපෑම සඳහා දොරටු විවෘත කිරීම රජයේ දැක්මයි.”

 

“ශ්‍රී ලංකාවේ තත්ත්වය සාමාන්‍ය අතට හැරෙන ආකාරය ද එහිදී දැකිය හැකියි.”

 

“ආයෝජන ආකර්ෂණය කරගනිමින්, සංචාරක කර්මාන්තයේ ප්‍රගමනයක් ඇතිකරමින්, කුසලතා යළි රටට ගෙන ඒමට එමගින් හැකිවේවි.”

 

“අපේ කුසලතා පූර්ණ පිරිස් නැවත රටට කැඳවන ව්‍යාපෘතිවලට සහායවීමට රජය ඉතා කැමැත්තෙන් සිටින අතර මේ වසරේ සැප්තැම්බරයට යෙදී ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු ඇගයීමට පෙර ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය අවසන් කිරීමට ශ්‍රී ලංකාව කටයුතු කරමින් සිටිනවා.”

 

“එහි සාර්ථක පළමු ඇගයීම තුළින් ශ්‍රී ලංකාව ස්ථායිකරණ මට්ටමේ සිට 2024 වසරේ සිට වර්ධන මාවතකට යොමුකිරීමට පදනම සකසයි.”

 

“වර්ධනය උත්තේජනය කරලමින් ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සඳහා ප්‍රධාන ක්ෂේත්‍රයන්හි ආයෝජන ඉහළ නැංවීමට පියවර ගැනෙනවා.”

 

“එහිදී ශ්‍රී ලංකාව නැවතත් ආයෝජන සහ ව්‍යපාර සඳහා ජාත්‍යන්තර මධ්‍යස්ථානයක් බවට පත්වේවි.”

 

 

Related posts

පළාත් පාලන මැතිවරණය ගැන අමෙරිකාවෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

නවතම සමීක්ෂණයකින් කොරෝනා ගැන තවත් කරුණු හෙළි වෙයි

Mohamed Dilsad

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව

Mohamed Dilsad

Leave a Comment