දේශීය

119 පොලිස් හදිසි ඇමතුම් දුරකථන අංකය හරහා අසත්‍ය සහ සාවද්‍ය තොරතුරු සපයන පුද්ගලයින් හට දැඩි දඬුවම්වලට මුහුණදීමට සිදුවන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

 

අදාළ නිවේදනය මගින් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ එලෙස අසත්‍ය සහ සාවද්‍ය තොරතුරු සපයන අයෙකුට මාස හයක් දක්වා කාලයක් බන්ධනාගාරගත කිරීමක් හෝ දඩයකින් හෝ එකී දඬුවම් දෙකම හිමිවිය හැකි බවය.

 

පැය 24 පුරා ක්‍රියාත්මකවන 119 පොලිස් හදිසි ඇමතුම් අංකය වෙත දෛනිකව පණිවිඩ 3000 ත් 3500ත් අතර ප්‍රමාණයක් ලැබෙන බවද පොලීසිය පවසයි.

 

මෙම පණිවිඩ නිරීක්ෂණය කිරීමේදී එම අංකය අවභාවිත කර මහජනතාව අසත්‍ය තොරතුරු ලබාදීම් නිරීක්ෂණය වී ඇති බවද පොලීසිය පවසයි.

 

මේ හේතුවෙන් වැදගත් මෙන්ම කඩිනමින් ක්‍රියාත්මක වියයුතු දුරකථන පණිවිඩ සඳහා ක්‍රියාත්මක වීමේදී බාධා හා ප්‍රමාදයන් සැළකිල්ලට ගනිමින් පොලීසිය විසින් මෙම නිවේදනය නිකුත් කර ඇත.

Related posts

මුස්ලිම් කොංග්‍රසයේ තනතුරුවලින් තවුෆීක්’ව ඉවත් කරයි

Mohamed Dilsad

නව බද්දකට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

කොරෝනා ආසාදනය වී සුවය ලැබූ සංඛ්‍යාව ඉහළට

Mohamed Dilsad

Leave a Comment