දේශීය

කැන්ඩි කණ්ඩායමට කඩුලු 8ක ජයක්

ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘බී ලව් කැන්ඩි’ කණ්ඩායම සහ ‘ජැෆ්නා කින්ග්ස්’ කණ්ඩායම අතර පැවැති තරගය කඩුලු 8කින් ජය ගැනීමට බී ලව් කැන්ඩි කණ්ඩායම අද (05) සමත්විණි.

 

තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට බී ලව් කැන්ඩි කණ්ඩායම සමත් වූ අතර, ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ජැෆ්නා කින්ග්ස් කණ්ඩායමට ආරාධනා කළේය.

 

ඒ අනුව, පළමුවෙන් පන්දුවට පහරදුන් ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම, නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 117ක් රැස් කළේය.

 

ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම වෙනුවෙන් දුනිත් වෙල්ලාලගේ නොදැවී ලකුණු 38ක් රැස්කළේය.

 

පන්දු යැවීමේ දී වනිඳු හසරංග කඩුලු 3ක් දවාගත්තේය.

 

ලකුණු 118 ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය බී ලව් කැන්ඩි කණ්ඩායම පන්දුවාර 13ක් අවසානයේ ජයග්‍රහණය වාර්තා කළේය.

 

බී ලව් කැන්ඩි කණ්ඩායම වෙනුවෙන් නායක වනිඳු හසරංග නොදැවී ලකුණු 52ක් රැස්කළ අතර, ෆකාර් සමාන් ලකුණු 42ක් රැස්කළේය.

 

 

Related posts

තවත් පුද්ගලයින් 290,615 කට කොවිඩ් එන්නත

Mohamed Dilsad

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වෙනි සංශෝධනය ගැසට් මගින් ප්‍රකාශයට පත් කෙරේ

Editor O

අන්තර්ජාලය ඔස්සේ මුල්‍ය වංචාවන් ඉහළට

Mohamed Dilsad

Leave a Comment