දේශීය

දැරියන් පළා ගිය ළමා නිවාසය ගැන තවත් තොරතුරු

අකුරැස්ස සර්වෝදය “සුවසෙත ළමා” නිවාසයේ ප්‍රධාන ගේට්ටුව හැර තවත් ස්ථාන කිහිපයකින්ම දරුවන්ට පළායෑමට හැකියාව ඇති බව එහි මුරකරු පෙන්වා දෙන්නේ.

 

ඔහු පවසන්නේ ආරක්ෂිත වැටක් හෝ තාප්පයක් එහි නොමැති බවය.

 

අකුරැස්ස රෝහල ආසන්නයේ අතුරු මාර්ගයක ඊයේ පස්වරු 6ට පමණ අවුරුදු 2ක පමණ සිගිත්තියක් හා අවුරුදු 13ක පමණ දැරියක් කලබලයෙන් මාර්ගයේ ගමන් ගන්නා ආකාරය අකුරැස්ස රෝහලේ හෙද පාලිකාවකට නිරීක්ෂණය වී තිබුණි.

 

හෙද පාලිකාව දුටු දැරියන් දෙදෙනා කඩිනමින් ප්‍රධාන මාර්ගයේ නවතා තිබු බස් රථයකට ගොඩවී ඇත.

 

සිද්ධිය සම්බන්ධයෙන් සැක සිතුණු හෙද පාලිකාව අසල තිබු ත්‍රිරෝද රථයකට ගොඩවී බස් රථය පිටුපස හඹා යන අතරවාරයේ ඒ පිළිබඳව අකුරැස්ස පොලිස් ස්ථානාධිපතිවරයාට දැනුම්දී තිබුණි.

 

ඒ අනුව අකුරැස්ස රෝහල අසල සිට ධාවන වු බස් රථය කිලෝමීටර 4ක පමණ දුරකදී නවතා දැරියන් දෙදෙනා සිය භාරයට ගැනීමට පොලිස් ස්ථානාධිපතිවරයා හා හෙද පාලිකාව කටයුතු කළේය.

 

එහිදී 13 හැවිරිදි දැරියගෙන් ඔවුන් පිළිබඳ තොරතුරු විමසුවත් ඇය කිසිවක් පවසා නොමැත.

 

එහිදී ඇයට ක්ලාන්ත ස්වභාවයක් ඇතිවීම හේතුවෙන් වහා රෝහල්ගත කිරීමට පියවර ගැනුණි.

 

ඒ අතරවාරයේ තම භාරයේ සිටි දැරියන් දෙදෙනෙකු අතුරුදන් වී ඇති බවට අකුරැස්ස සර්වෝදය සුවසෙත ළමා නිවාසයේ පාලිකාවන් දෙදෙනෙකු අකුරැස්ස පොලීසියට පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.

 

එලෙස අතරුදන්වී ඇත්තේ එම දැරියන් දෙදෙනා බවට පසුව හඳුනාගැනුණි.

 

මෙම දැරියන් දෙදෙනාගේ පියා මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි හේතුවෙන් බන්ධනාගාරගතවී සිටින අතර තමාට දරුවන් රැකබලාගත නොහැකි බව පවසමින් අධිකරණය මාර්ගයෙන් ඔවුන් ළමා නිවාසයට භාර දී ඇත්තේ ඔවුන්ගේ මව විසිනි.

 

ඒ අනුව මීට දින දෙකකට ඉහතදී මෙම දැරියන් දෙදෙනා අකුරැස්ස සර්වෝදය සුවසෙත ළමා නිවාසයට රැගෙන විත් තිබුණි.

 

කෙසේවෙතත් මෙලෙස දරුවන් ළමා නිවාසයෙන් පළායෑමට හේතුව කුමක්දැයි සොයා අකුරැස්ස පොලිස් ස්ථානාධිපතිවරයා සහ කාන්තා පොලිස් නිලධාරිනියන් අද එම ළමා නිවාසය වෙත ගොස් තිබුණි.

 

මව්පියන්ගේ රැකවරණය නොමැතිව තම සෙවණට පැමිණෙන මෙවැනි දරුවන් සම්බන්ධයෙන් ළමා නිවාස භාරකාරීත්වය මීට වඩා අවධානයෙන් සිටිය යුතු නොවේද ?

Related posts

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය අද රැස්වේ

Mohamed Dilsad

අද මොරටුවත් උණුසුම් වෙයි

Mohamed Dilsad

ප්‍රදෙශේ කිහිපයක් හෙට සිට හුදෙකලා බවින් නිදහස්

Mohamed Dilsad

Leave a Comment