දේශීය

ලීසිං සමාගම්වල ක්‍රියාකලාපයට දැඩි විරෝධයක්

ලීසිං සමාගම්වල ක්‍රියාකලාපය ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගනිමින් එළඹෙන 08 වැනිදා විරෝධතාවක් පවත්වන බව ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ සංගමය පවසයි.

 

කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු ඒ බව සඳහන් කළේය.

 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ සංගමයේ සභාපති රුවන් පොතුපිටිය මහතා,

 

“මේ වෙද්දිත් මේ රටේ ණය ප්‍රශස්තකරණ සිදුවෙලා මාසයකුත් දින 5ක් ගතවෙලා. ප්‍රශස්තකරණයෙන් පස්සේ තැන්පතුකරුවාගේ පොලිය අඩු කරලා මේ ලීසිං මාෆියාකාරයන්ට, කළුකඩ ව්‍යාපාරවලට වැජඹෙන්න නද්දලාල් වීරසිංහ ඇතුළු මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ලස්සනට පාර කපලා තියෙනවා. මේ මූල්‍ය ආයතන 1992න් පස්සේ වැඩිම ආදායමක් ලැබුවේ 2021-2022 කාර්තුවේ දී. මේ මහ බැංකුව මේවා නියාමනය කරලා අවුරුද්දකින් විතර විගණනයක් කරලා නැහැ. මැර කණ්ඩායම් යොදා ගෙන දේපළ අත්පත් කර ගැනීම ගැන අපි දිගින් දිගටම අනාවරණය කළා. මාස දෙකක් ගත වෙලත් අද අධිකරණ ඇමති නිහඬයි. මේ රටේ සියලුම සිවිල් සංවිධාන සහ සියලුම ව්‍යාපාරික කණ්ඩායම් එක්ව අගෝස්තු 8 වනදා අපි එනවා මුදල් අමාත්‍යංශයට මේක බේරගන්න.”

Related posts

අන්තර්ජාලය ඔස්සේ සිදුකරන ව්‍යාපාර නියාමනයට සැරසෙයි

Mohamed Dilsad

ණය බර ගැන අගමැතිගෙන් විශේෂ හෙළිදරව්වක්

Mohamed Dilsad

ආගමික නිදහස ආරක්ෂා කිරීමට නව පනතක්

Mohamed Dilsad

Leave a Comment