දේශීය

අධිකරණ අණ නොතකා වෙළෙඳපොළට ආ චීන සැමන්

චීනයෙන් ආනයනය කර ඇති මිනිස් පරිභෝජනයට නුසුදුසු සැමන් වර්ගයක් පිළිබඳව ජාතික පාරිභෝගික පෙරමුණ මාධ්‍ය හමුවක් පවත්වමින් අනාවරණය කළේය.

 

එහිදි අදහස් දැක්වූ ජාතික පාරිභෝගික පෙරමුණේ මූල්‍ය කළමනාකරු වසන්ත කුමාර හරිස්චන්ද්‍ර මහතා පැවසුවේ, මෙම චීන සැමන් වර්ගය මිනිස් පරිභෝජනයට නුසුදුසු බවට දඹුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් ලබා දී තිබියදීත් වෙනත් ලේබලයක් යටතේ වෙළෙඳපොළට නිකුත් ඇතිකර බවය.

 

“චීනයෙන් ආනයනය කරනවා සැමන් වර්ගයක්. ඒවායේ මාළු වෙනම වළලන්නත්, ටින් වෙනම වළලන්නත් අණ කරලා තියෙනවා දඹුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය. මේ වෙනකොට ඒක වෙනත් ලේබලයකින් කොහොමද වෙළෙඳපොළට ආවේ. ආනයනික චීන සැමන් එක 2021.03.28 තමයි මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ. 2024.03.28 තමයි කල් ඉකුත්වීමේ දිනය තියෙන්නේ. මේකේ ලේබල් එකත් මාරු කරලා තියෙන්නේ. මේක බලන අයට පුළුවන් මේක මිනිස් පරිභෝජනයට සුදුසු ද නැතිද කියලා තෙරුම්ගන්න.”

 

එහිදි අදහස් දැක්වූ ජාතික පාරිභෝගික පෙරමුණේ නායක අසේල සම්පත් මහතා,

 

“2014 වසරේදී ආරක්ෂිත ස්ටිකරයක් භාණ්ඩවලට ඇලවීමට ගිවිසුමක් අත්සන් කරනවා මේගොල්ලෝ සුවිස්වල. මේ ගිවිසුම ක්‍රියාත්මක නොවීම නිසා ජාත්‍යන්තර අධිකරණයේ නඩුවක් දාලා තියෙනවා. එකේදි සිදුවෙලා තියෙනවා පාරිභෝගික අධිකාරියේ කෝටිගානක් ගෙවන්න. දැන් මේ පාරිභෝගික අධිකාරියේ අම්මා අප්පාගේ සල්ලි නෙමේ මේ රටේ අහිංසක කඩකාරයොන්ට දඩ ගහලා ගත්ත මුදලින් තමයි මේ කෝටි 2යි ගාණ ගෙවලා තවත් කෝටි 5යි ගාණක අනුමැතියක් දිලා තියෙනවා අධ්‍යක්ෂක මණ්ඩලය. ඇමතිවරයා මේ සම්බන්ධයෙන් සොයා බැලිය යුතුයි.”

 

මේ අතර, ආණමඩුව ආඩිගම කම්මන්දළුව ප්‍රදේශයේ සත්ත්ව ආහාර නිෂ්පාදනය කරනු ලබන කර්මාන්ත ශාලාවක් පාරිභෝගික අධිකාරියේ විශේෂ විමර්ශන හා වැටලීම් ඒකකය විසින් ඊයේ (05) වටලනු ලැබීය.

 

ඒ මිනිස් පරිභෝජනයට සුදුසු තත්ත්වයේ පවතින සහල් සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා යොදාගන්නා බවට ලද තොරතුරකට අනුවය.

 

එහිදී කර්මාන්ත ශාලාවේ ගබඩා කර තිබූ සහල් කිලෝ 27,000ක් සොයා ගෙන තිබේ.

 

අනතුරුව අදාළ කර්මාන්ත ශාලාවට මුද්‍ර තැබීමට වැටලීම් නිලධාරීන් පියවර ගෙන තිබුණි.

Related posts

අද සිට රජය විසින් එළවළු තොඟ මිළදී ගැනීමට තීරණයක්

Mohamed Dilsad

ජූනි මාසයේ තෙල් ගේන්න ඩොලර් මිලියන 544 ක් අවශ්‍යයි

Mohamed Dilsad

කන්දකාඩු රැඳවියන් 600ක් පැනයයි

Mohamed Dilsad

Leave a Comment