දේශීය

ඒකදන්ත මාදුරුඔයට යන ගමන තාවකාලිකව නවතී

ගල්ගමුවේ ”ඒකදන්ත” හස්තියා මාදුරුඔයට රැගෙන යාමට ගත් තීන්දුව තාවකාලිකව අත්හිටුවීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

 

මේ පිළිබඳ අනාවරණ වුණේ‍ පරිසර සංවිධාන නියෝජිත පිරිසක් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේදී අද සාකච්ඡාවකට එක්වූ අවස්ථාවේදීය.

 

ගල්ගමුවේ සැරිසරන ”ඒකදන්ත” නොහොත් චණ්ඩි නම් හස්තියා මාදුරුඔයට ගෙන යාම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබුණේ හස්තියාගෙන් ප්‍රදේශවාසීන්ට පීඩාවන බවට ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගනිමිනි.

 

පරිසරවේදීන් පෙන්වා දෙන්නේ මීට පෙර අවස්ථා 3කදීත් අල්ලා වෙනත් ස්ථානවලට යොමු කර තිබුණත් හස්තියා යළි ගල්ගමුවට පැමිණි බවය.

 

වයෝවෘද්ධ සහ අන්ධ තත්ත්වයේ පසුවන සත්ත්වයා ගල්ගමුවෙන් මාදුරුඔයට රැගෙනයාම අවදානම් බව ඔවුන් පෙන්වාදෙයි.

 

පරිසර සංවිධාන සහ සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට අද පෙරවරුවේ විරෝධතාවක නිරතවුණේ ඒ පිළිබඳ කරුණු පෙන්වා දෙමිනි.

 

අනතුරුව එහි නිලධාරී කණ්ඩායමක් සමඟ ඔවුන් සාකච්ඡාවක නිරත වුණි.

 

මේ පිළිබඳ අදහස් දැක්වු වනජීවී සංරක්ෂණ සංසදයේ, ලේකම්, නයනක රන්වැල්ල මහතා,

 

“අපේ කරුණු දැක්වීම් අනුව ඔවුන්ට පිළිගන්න සිද්ධවුණා ස්ථීර වශයෙන්ම මේ ඇතා ඇල්ලීම, මාදුරුඔයට ගෙනිහින් දැමීම හා නැවත පැමිණීම වැනි කාරණාවලදී මේ ඇතාට හානියක් විය හැකි බව. ඒ අනුව ඔවුන් තීරණයක් අරගත්තා. අපිට දැනුම් දුන්නා ඇතා පරිස්ථාපනය කිරීම නතර කිරීමට. ඒ වගේම විද්‍යාත්මක සැලසුමක් ක්‍රියාත්මක කරන්න එයාලගේ මුලිකත්වයෙන් අපේ සහයෝගයෙන් සිදුකරන්න එකඟවුණා.”

Related posts

ආයෝජකයන් ශ්‍රී ලංකාවෙන් ඉවත්වීම අර්බුදයක් නෙවෙයි – නියෝජ්‍ය අමාත්‍ය චතුරංග

Editor O

විදෙස්ගතව සිටි තවත් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

රන්ජන් රාමනායකගේ නඩුව අද යළි කැඳවයි

Mohamed Dilsad

Leave a Comment