දේශීය

පවුල් ආරවුලෙන් ජීවිත දෙකක් අහිමිවෙයි

පවුල් ආරවුලක් හේතුවෙන් සැමියා විසින් බිරිඳට වෙඩිතබා ඝාතනය කර ඔහුද වෙඩිතබාගෙන සියදිවි හානි කරගෙන තිබේ.

 

ඊයේ (07) රාත්‍රී කාලයේදී නුවරඑළිය පොලිස් වසමේ ටොප්පාස් ප්‍රදේශයේ යුවළක් නිවස තුළ වෙඩි වැදී මියගොස් ඇති බවට නුවරඑළිය පොලිස් ස්ථානයට තොරතුරක් ලැබී තිබුණි.

 

ඒ අනුව සිදුකළ විමර්ශනයේ දී මෙරට නිෂ්පාදිත ගිනිඅවියකින් සැමියා විසින් එම වෙඩිතැබීම සිදුකර ඇති බව අනාවරණය වුණි.

 

මරණකරු වයස අවුරුදු 28ක් වන අතර, මරණකාරිය වයස අවුරුදු 26ක් වන ටොප්පාස්, නුවරඑළිය ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවළකි.

 

සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑළිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

තවත් ප්‍රදේශ දෙකක් හුදෙකලා කෙරේ

Mohamed Dilsad

ජුනි 5 සහ 6 වසා තැබිය යුතු ස්ථාන පිලිබඳ දැනුම් දීමක්

Mohamed Dilsad

දුරකථන මාර්ගයෙන් මැතිවරණ ප්‍රචාරණය නතර කරන ලෙස දුරකතන සේවා සමාගම්වලට මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම්දීමක්

Editor O

Leave a Comment