දේශීය

පිහි ඇනුමකින් පුද්ගලයෙක් මරුට

බොරලැස්ගමුව වේරහැර බෝධිරාජපුරදී ඊයේ (08) රාත්‍රියේ පිහි ඇනුමක් සිදුකර තිබුණි.

 

ත්‍රීරෝද රථ රියදුරෙකු විසින් තවත් පුද්ගලයෙකුට පිහියකින් ඇන ඝාතනය කර ඇති බව බොරලැස්ගමුව පොලීසිය පැවසීය.

 

සිද්ධියෙන් ඝාතනයට ලක්වී ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි ප්‍රියරන්ජන ප්‍රනාන්දු නමැති 43 හැවිරිදි තිදරු පියෙකි.

 

ඝාතනයට ලක්වූ පුද්ගලයා ඊයේ රාත්‍රියේ ඔහු පදිංචි නිවසට මදක් ඈතින් වූ බෝධිරාජපුර මාර්ගයේ රැඳී සිට දුරකථන ඇමතුමක් ලබා ගනිමින් සිටියදී සැකකාර ත්‍රීරෝද රථ රියදුරු එම ස්ථානයට පැමිණ ඇතිවූ බහින්බස්වීමකින් අනතුරුව පිහියකින් ඇන තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

 

තුවාල ලද පුද්ගලයාව ඥාතීන් විසින් කලුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව පැය 02කට පමණ පසු ඔහු මියගොස් ඇතැයි පොලීසිය සඳහන් කරයි.

 

ඝාතනයට ලක්වූ පුද්ගලයා සැකකාර පුද්ගලයාගේ බිරිඳ සමග පැවැත්වූ අනියම් සබඳතාවයක් මුල්කරගෙන මෙම ඝාතනය සිදුවී ඇති බවට පොලීසිය සැකකරයි.

 

සැකකරු අත්අඩංගුවට ගැනීමට බොරලැස්ගමුව පොලීසිය පරීක්ෂණ පවත්වයි.

Related posts

ජූලි මස සිට බස් රථ සඳහා පෙරගෙවුම් කාර්ඩ්පතක්

Mohamed Dilsad

දීපවාලී උත්සවය සමරන හින්දු බැතිමතුන්ට පොලිසියෙන් දැනුවත් කිරීමක්

Mohamed Dilsad

කොරෝනා මර්දනයට ජපානයෙන් ඩොලර් මිලියන 1.2 ක පරිත්‍යාගයක්

Mohamed Dilsad

Leave a Comment