දේශීය

ජනපතිගේ ක්‍රියාකාරකම් ගැන නිදහස් පක්ෂය නොසතුටින්

‍13 වන ව්‍යස්ථා සංශෝධනය හරහා ජනාධිපතිවරයා සිදුකරනු ලබන දේශපාලන ක්‍රියාකාරකම් හෙලාදකින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.

 

එහි ජ්‍යෙෂ්ඨ උපසභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ප්‍රකාශ කළේ, රට ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන අර්බුදයකට ගමන් කරමින් ඇති බවය.

 

එසේම, සෑම අවස්ථාවකදීම රනිල් වික්‍රමසිංහ මහතාට බලය අහිමි වූයේ බලය බෙදීමට උත්සාහ ගැනීම නිසා බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කර ඇත.

 

කෙසේවෙතත් රට ඉදිරියට ගෙනයාම සඳහා උතුරු – නැගෙනහිර ජනවාර්ගික ගැටලුවට යම්කිසි විසඳුමක් අවශ්‍ය බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා ප්‍රකාශ කරයි.

 

මේ අතර, රට තුළ පැවති කැරලි, හර්තාල් සහ අරගලවලින් කිසිදු පාර්ශ්වයක් පාඩම් ඉගෙනගෙන නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

 

ඔහු ප්‍රකාශ කරන්නේ, රට තුළ මේ වන විට සෑම ක්ෂේත්‍රයකම අර්බුදකාරී තත්ත්වයක් හටගෙන ඇති බවයි.

 

1953 අගෝස්තු 12 වනදා පැවති හර්තාලයට වසර 70ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කළ උත්සවයක දී ඩලස් අලහප්පෙරුම මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.

Related posts

කොරෝනා ආසාදිතයින්ගේ තවත් විශේෂ රෝග ලක්ෂණයක් ගැන අනාවරණයක්

Mohamed Dilsad

‘ඉන්ධන නැව පැමිණීමේ දිනය අපට තහවුරු කළ නොහැක’

Mohamed Dilsad

ජනපතිගේ නව අවුරුදු සුබපැතුම් පණිවුඩය

Mohamed Dilsad

Leave a Comment