දේශීය

පාකිස්තානයට භාරකාර අගමැතිවරයෙක්

ඉදිරි මැතිවරණය තෙක් පාකිස්තානය මෙහෙයවීමට භාරකාර අගමැතිවරයකු පත් කර තිබේ.

 

පාකිස්තානයේ භාරකාර අගමැතිවරයා ලෙස ‘අන්වර් උල් හක් කකාර්’ පත්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

 

ඒ, හිටපු අගමැති ෂෙබාස් ෂරීෆ් සහ විපක්ෂ නායක රාජා රයිස් අහ්මඩ් අතර ඇතිකරගත් එකඟතාවකට අනුවයි.

 

බලුකිස්තාන ප්‍රාන්තය නියෝජනය කරමින් පත්වූ ස්වාධීන මන්ත්‍රිවරයකුව සිටි අන්වර් උල් හක්, මීළඟ මැතිවරණය දක්වා පාකිස්තාන භාරකාර රජය මෙහෙයවනු ඇත.

 

පාකිස්තාන පාර්ලිමේන්තුව පසුගිය බදාදා විසුරුවා හරිනු ලැබූ අතර, එතැන් පටන් දින 90ක් තුළ එරට මහා මැතිවරණය පැවැත්විය යුතු වේ.

Related posts

නව ජනමාධ්‍ය අමාත්‍යවරයා වැඩ අරඹයි[PHOTO]

Mohamed Dilsad

අප්‍රේල් 21 වැනි පාර්ලිමේන්තුවේ සිද්ධීන් පිළිබඳ සෙවූ කමිටුවේ වාර්තාව කථානායකට

Mohamed Dilsad

බෝග වර්ග 14 ක් සඳහා සහතික මිලක් නියම කරයි

Mohamed Dilsad

Leave a Comment