දේශීය

සැමියාගේ කේන්තිය – බිරිඳට වායු රයිෆලයෙන් වෙඩි

පල්ලම රඹතලාවත්ත, ආඬිගම ප්‍රදේශයේ දී සැමියා විසින් සිය බිරිඳට වායු රයිෆලයකින් වෙඩි තබා තිබේ.

 

පොලීසිය පැවසුවේ පෞද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම වෙඩි තැබීම ඊයේ (13) සිදුකර ඇති බවය.

 

තුවාල ලැබු කාන්තාව මේ වන විට නිකවැරටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව පොලීසිය පැවසීය.

 

මෙලෙස තුවාල ලබා ඇත්තේ 51 හැවිරිදි රඹතලාවත්ත ආඬිගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.

 

සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා පල්ලම පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

 

Related posts

පුත්තලම-හලාවත මාර්ගය අවහිර වෙයි

Mohamed Dilsad

සහරාන්ගේ බිරිඳ සහ තවත් 5දෙනෙක් යළි රිමාන්ඩ්

Mohamed Dilsad

පොලිස් සැරයන්වරයෙකු ඇතුලු අටදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment