දේශීය

ප්‍රදේශ කිහිපයකට තද වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිවු සහ වව්නියා දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

 

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

 

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

 

 

Related posts

රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට

Editor O

ප්‍රියමාලිගේ ළඟ තිබූ වීඩියෝවක් දැක සංගීතා නිරුත්තර වෙයි

Mohamed Dilsad

මැතිවරණ කොමිසමේ විශේෂ රැස්වීමක්

Mohamed Dilsad

Leave a Comment